
මොකක්ද Virtualization කියලා කියන්නේ? Virtualization නිසා තමයි ඔයාට ඔයාගේ device එකේ එක අවස්තවේ ගොඩක් applications run කරන්න පුලුවන් වෙන්නේ. ඔයාට ඔයාගේ Operating System එකේ සහ CPU එකේ virtualization functionality එක enable කරන්න ඕනි නම් ඒක කරන්න වෙන්නේ BIOS හරහා තමයි. මේ article එකෙන් BIOS හරහා Virtualization enable කර ගන්න විදිය ඔයාට කියලා දෙනවා.
How To Check Virtualization Support in BIOS (Virtualization, BIOS එක්ක වැඩ කරනවද කියලා බලන්නේ කොහොමද?)
Virtualization enable කර ගන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕනි, ඔයාගේ CPU එක මේ වැඩේට support කරනවද කියලා check කර ගන්න එක. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා.
1. මුලින්ම CTRL+ALT+DELETE press කරලා Task Manager select කරන එක.
2. දැන් More details click කරලා Task Manager window එක expand කර ගන්න.
3. ඊලගට Performance tab එක click කරන්න.
4. දැන් ඔයාලට first row එකේ උඩම CPU කියලා තියෙනවා බල ගන්න පුලුවන් වෙයි.
5. දැන් virtualization enable ද කියලා බලන්න.

(මේ image එකේ නම් virtualization details පෙන්නනවා. හැබැයි ඔයාගේ CPU එක virtualization වලට capable නැත්නම්, Disabled හෝ Not available කියලා display වෙන්නේ නෑ.)
කොහොමද BIOS එක්ක Virtualization enable කර ගන්නේ?
හරි දැන් අපි බලමු BIOS එක්ක Virtualization enable කර ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට මතක් කරන්න ඕනි, BIOS manufacturer කරන අයට අනුව BIOS වල different interface අපට බලා ගන්න පුලුවන් වෙනවා. ඉතිං මේ කියලා තියෙන steps වලට අනුව ඔයාගේ BIOS වලට similarity එක බලලා වැඩ කරන්න.
Example එකක් විදියට කිව්වොත්, MSI boards වල virtualization toggle option එක තියෙන්නේ “Overclock” tab එකේ, හැබයි ASUS boards වල virtualization toggle option එක තියෙන්නේ “Advanced” tab එකේ.
හරි දැන් අපි basic විදියට steps ගැන කතා කරමු.
1. ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ device එක reboot කරලා, අදාල key එක press කරලා BIOS open කර ගන්න එක. මේකෙදී key එක device අනුව (Dell / Hp) වෙනස් වෙනවා. ඒ නිසා ඔයාගේ device එකේ BIOS open කරන්න අදාල key එක හොයාගන්න වෙනවා.
2. දැන් CPU options tab එක තියෙන්නේ කොහෙද කියලා බලන්න. ( Advanced Mode panel යටතේ තමයි CPU options tab එක ගොඩක් වෙලාවට තියෙන්නේ.
3. ඊලගට CPU configuration / CPU settings menu වලට යන්න.

4. දැන් Virtualization Technology කියලා option එකක් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.

5. මේ image එකේ නම් ඔයාටට බලාගන්න පුලුවන් වෙන්නේ intel(R) Virtualization Technology කියලා. ඔයාගේ CPU brand එක අනුව මේ නම වෙනස් වෙනවා.
6. Intel(R) Virtualization Technology, click කරාම box එකක් open වෙනවා. ඒකෙන් ඔයාට Virtualization settings enable කර ගන්න පුලුවන් වෙනවා.
7. ඊලගට ඔයාට කරන්න තියෙන්නේ Save settings කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ device එක restart කරන්න.
දැන් ඔයාට multiple software එක සැරේ run කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි, අපි මේ කරපු වැඩේ නිසා ඔයාගේ computer or server crash උනොත්, ඔයාට කරන්න තියෙන්නේ Virtualization settings disable කරන එක.
අපි කලින් කතා කරේ පොදුවේ ඕනෑම device එකක Virtualization settings වෙනස් කර ගන්න විදිය. දැන් අපි motherboard brands අනුව Virtualization settings වෙනස් කර ගන්න විදිය බලමු.
How to Enable Virtualization on an MSI Motherboard
දන් අපි කතා කරන්න යන්නේ MSI Motherboard එකක Virtualization enable කර ගන්න විදිය.
1. ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ device එක boot වෙනකොට BIOS settings open කර ගන්න එක.
2. දැන් ඔයාට ආපු interface එකේ Advanced කියලා search කරන්න.
3. ඊලගට IOMMU click කරලා enable කරන්න.
4. ඊට පස්සේ SVM on කරන්න.
5. දැන් ආයෙත් “Advanced” or “advanced options.” settings search කරලා බලන්න.
6. ඊලගට SVM Mode වලට ගිහින්, enable කරන්න.

How to Enable Virtualization on ASROCK Motherboards.
දැන් අපි බලමු SROCK Motherboards වල enable process එක වෙන්නේ කොහොමද කියලා.
1. ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ device එක boot වෙනකොට BIOS settings open කර ගන්න එක.
2. දැන් ඔයාට ආපු interface එකේ Advanced කියලා search කරන්න.
3. ඊලගට CPU Configuration select කරන්න.
4. දැන් SVM, Enabled කරලා ඔයාගේ PC එක restart කරන්න.

How to Enable Virtualization on GIGABYTE Motherboards
1. ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ device එක boot වෙනකොට BIOS settings open කර ගන්න එක.
2. දැන් “CHIPSET” click කරන්න.
3. ඊලගට VTD enable කරන්න.
4. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ PC එක restart කරන එක.
හැබැයි සමහර Gigabyte models වල ඔයාට Advanced > CPU configuration > Enable SVM instead කරන්න වෙනවා.

How to Enable Virtualization on ASUS Motherboards
1. ඔයාගේ device එකේ power on කරන ගමන් F2 key press කරන්න. එතකොට ඔයාට BIOS Settings open කර ගන්න පුලුවන්.
2. ඊලගට F7 press කරලා Advanced Mode වලට යන්න.
3. දැන් Advanced click කරලා CPU configuration වලට යන්න.
4. ඊලගට SVM enable කරන්න.
5. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ PC එක restart කරන එක.
බැරි වෙලාවත් ඔයාගේ F7 Key එක වැඩ කරේ නැත්නම්, advanced mode වලට යන්න button එකක් ඔයාගේ screen එකේ දකුණූ පැත්තේ උඩ බලා ගන්න පුලුවන් වෙනවා.
Virtualization Enable කරලත් BIOS වැඩ කරන්නේ නැත්න්ම අපි මොකක්ද කරන්න ඕනි?
මේක වෙන්න ප්‍රදාන කේතුව තමයි, ඔයා BIOS හරහා Virtualization enable කරාට, තාම Hyper-V Manager එක disable කරලා නැති එක. දැන් අපි Hyper-V Manager එක disable කරන විදිය බලමු.
1. මුලින්ම ඔයා CMD එක search කරන්න ඕනි.
2. දැන් CMD එක run as administrator විදියට open කර ගන්න ඕනි.
3. ඊලගට මේ command එක input කරන්න.
bcdedit /set hypervisorlaunchtype off

4. දැන් enter click කරලා ඔයාගේ device එක restart කරන්න.
Hyper-V Manager එක disable කරලත් තාම ඔයාට result එකක් ගන්න බැරි නම්, ඊලගට කරන්න ඕනි මොනවද? දැන් අපි බලමු ඒ ගැන,
Virtual Machine එක Host විදියට Reboot කරමු.
VM වලට related සමහර issues එන්නේ memory (RAM) අව්ලක් නිසා වෙන්න පුලුවන්. ඉතිං ඒකට අපට solutions විදියට host change කරන්න පුලුවන්. ඒ වගේම VM and VMware Tools update කරන්න පුලුවන්.
දැන් අපි බලමු host change කරන්නේ කොහොමද කියලා (Migrate to a Different Host)
1. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ ඔයා install කරපු VMware හෝ vSphere වලට අනුව consoles enter කරන්න.
2. දැන් ඔයාට migrate කරන්න ඕනි machine එක, right click කරලා Migrate select කරන්න.
3. ඊලගට “Change Host as the Migration Type” search කරන්න.
4. දැන් configuration steps කරලා Next and Finish click කරන්න.
5. ඊට පස්සේ apply all chances click කරන්න.
VM and VMware Tools update කරමු.
අපි දැන් කතා කරපු දේවල් වගේම වැදගත් දෙයක් තමයි VM and VMware Tools update කරන එක. ඔයා emulate එකට virtual machine එකට use කරන software එක මොකක් උනත් කමක් නෑ. හැබැයි අනිවාර්‍යෙන්ම ඒක update කරලා තියෙන්න ඕනි.
ඉතිං Virtualization සම්බන්ද ගොඩක් දේවල් අද අපි කතා කරා. ඊලග article එකෙන් තවත් වැදගත් දෙයක් කතා කරමු. ඒ වගේම තමයි මේ article එක ගැන ඔයාලගේ ideas පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.