ඔයාලා අහලා තියෙනවද Blue screen error (BSOD – Blue screen of death), Windows Update errors, Windows Explorer Using High CPU error ගැන.

මේ වගේ අව්ල් ඔයාගේ device එකටත් ඇවිල්ලා ඇති. ඔයා නිකමටවත් හිතල බලුවද ඇයි මේ වගේ අව්ල් device වලට එන්නේ කියලා? මේ වගේ errors එන්න ප්‍රදානම හේතුව තමයි Corrupt වෙච්ච system files. දැන් ඉතිං අපට කරන්න තියෙන්නේ corrupted වෙච්ච Windows Files repair කරන එකනේ. ඒකට අපට SFC (System File Checker) & DISM (Deployment Image Servicing and Management) වගේ system repair utilities use කරන්න පුලුවන්. හැබැයි ඔයාගේ drive එකේ sectors වල අව්ලක් නිසා corruption එකක් උනොත්, ඒක recover කර ගන්න CHKDSK use කරන්න පුලුවන්.
ඇයි එතකොට Windows files corrupt වෙන්නේ? Bad sectors වලට අමතරව වෙන special reasons තියෙනවද?
ඔව්. දැන් අපි ඒ මොනවද කියලා බලමු.
- Abrupt shutdowns and disconnections
- Power outage/surges
- System crashes
- Update issues
- Malware
දැන් කොහොමද අපි corrupted වෙච්ච Windows Files repair කර ගන්නේ?
අපි කලින් කතා කරානේ corrupted වෙච්ච Windows Files repair කර ගන්න SFC (System File Checker) & DISM (Deployment Image Servicing and Management),CHKDSK වගේ system repair utilities use කරන්න පුලුවන් කියලා. ඒවා ගැන වගේම, ඊට අමතරව අපට කරන්න පුලුවන් දේවල් ගැන දැන් අපි කතා කරමු.
Run DISM(Deployment Image Servicing and Management) and SFC(System File Checker) Scans
SFC command එක නිසා protected system files සේරම scan කර ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ files වල versions මොනවද කියලත් බලා ගන්න පුලුවන් වෙනවා. දැන් තියෙන files වල versions පරණයි නම් ඒ වෙනුවට අලුත් versions update කරන්න SFC වලට හැකියාව තියෙනවා.
SFC scan එකේදී මොකක් හරි source file එකක් corrupt වෙලා හරි missing කියලා හරි දැන ගන්න පුලුවන් උනොත්, DISM එකෙන් ඒ අඩු files replace කරනවා. මේ scan එක කරලා බලන්න ඔයත් කැමති නම්, මේ steps කරලා බලන්න.
1. මුලින්ම Windows + R press කරලා Run Window එක open කරන්න.
2. Run Window එකේ cmd කියලා type කරලා CTRL + Shift + Enter press කරන්න. එතකොට cmd එක open වෙයි.
3. ඊට පස්සේ මේ command එක type කරලා enter කරන්න.
DISM.exe /Online /Cleanup-image /Restorehealth

4. ඊලගට ටික වෙලාවකින් process එක complete වෙනවා. එතකොට ඔයාට මේ වගේ log file එකක් බලා ගන්න පුලුවන් වෙනවා.
%windir%/Logs/CBS/CBS.log
SFC scan එකේදී මොකක් හරි source file එකක් corrupt වෙලා හරි missing කියලා හරි දැන ගන්න පුලුවන් උනොත්, DISM එකෙන් ඒ අඩු files replace කරනවා කියලා අපි කලින් කිව්වනේ. දැන් අපි DISM use කරලා missing files replace කරන විදිය බලමු.
1. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ command එක type කරලා enter කරන්න.
C:\RepairSource\install.wim
මේකෙදී ඔයාට repair කරන්න ඕනි source path එක මේ විදියට rename කරන්න අමතක කරන්න එපා.
DISM.exe /Online /Cleanup-Image /RestoreHealth /Source:C:\RepairSource\install.wim /LimitAccess
2. ඊට පස්සේ sfc /scannow කියලා enter කරන්න

මේ step එකේදී ඔයාගේ files වල අව්ලක් තියෙනවා නම්, complete උනාට පස්සේ completion message එකක් එයි. ඒ කියන්නේ ඔයාට දැන් normal විදියට වැඩ කරන් යන්න පුලුවන්.
හැබැයි ඔයාට පහල image එකේ වගේ message එකක් ආවොත් ඔයා මොනවද කරන්න ඕනි?

දැන් අපි බලමු ඒ ගැන.
Windows Resource Protection හරියට perform කරන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕනි?
ඒ වගේ වෙලාවක SFC scan එක run කරන විදිය දැන් අපි බලමු.
1. Shift Key එක press කරලා ඔයාගේ PC එක restart කරන්න. එහෙම නැත්නම් එක දිගට තුන් සැරයක් ඔයාගේ PC එක reboot කරන්න. එතකොට ඔයාට winRE වලට access වෙන්න පුලුවන්.
2. ඊලගට Troubleshoot > Advanced options > Startup Settings > Restart select කරන්න.
3. Restart වෙලා ඉවර උනාම 5 හරි F5 හරි press කරන්න.

4. Safe mood එකෙන් boot උනාට පස්සේ, DISM සහ SFC scan වලට කරපු steps ආයෙත් කරලා බලන්න. මේ step එකේදී කලින් තිබ්බ errors හරි ගිහින් ඇති. එහෙමත් හරි ගිහින් නැත්නම් මේ විදිය try කරලා බලන්න.
Windows Resource Protection එකෙන් corrupt files detect කර ගත්තත් ඒවා fix කරගන්න බැරි උනාම අපි මොකක්ද කරන්න ඕනි?
මේකෙදී ඔයාට corrupted වෙච්ච files manually replace කරන්න වෙනවා. දැන් අපි ඒක කරන විදිය බලමු.
1. මුලින්ම Command Prompt එක open කරලා මේ command එක type කරලා enter කරන්න.
findstr /c:”[SR]” %windir%\Logs\CBS\CBS.log >”%userprofile%\Desktop\sfcdetails.txt”
2. දැන් ඔයාගේ desktop එකේ create වෙච්ච sfcdetails.txt කියන file එක open කර ගන්න.

3. දැන් Date & Time use කරලා repair කරන්න බැරි file එක මොකක්ද කියලා අදුර ගන්න.
4. දැන් අපි උපකල්පනය කරමු corrupted file එක jscript.dll කියලා.
5. ඊලගට මේ command එක file name එක සහ file path එක අනුව update කරන්න.
takeown /f filename_and_path

icacls filename_and_path /Grant Administrators:F

6. දැන් මේ command එක use කරන්න. මේකේ මතක ඇතුව first location එකට හොද file එක (working file) add කරන්න, ඒ වගේම second location එකට corrupt file එක add කරන්න.
copy F:\new\jscript.dll C:\windows\system32\jscript.dll
(Corrupt file එකේ working file එක ඔයාට online ගන්න පුලුවන්. එහෙම නැත්නම් Windows වල same version එක use කරන device එකකින් ඔයාට මේක ගන්න පුලුවන්.)
දැන් අපි බලමු CHKDSK use කරන්නේ කොහොමද කියලා.
CHKDSK නිසා files වල integrity එක බලන්න පුලුවන්. ඒ වගේම bad sectors වල තියෙන errors හදා ගන්නත් පුලුවන්.
දැන් අපි බලමු මේක use කරන්නේ කොහොමද කියලා.
1. Windows + R press කරලා run dialog box එක open කරන්න.
2. දැන් cmd කියලා type කරලා CTRL + Shift + Enter press කරන්න. එතකොට cmd එක open වෙයි.
3. ඊලගට මේ command එක type කරලා enter කරන්න.
CHKDSK Z: /f /r /x
(මතක ඇතුව මේකේ Z වෙනුවට අදාල drive එකේ letter එක දාන්න.)

ඔයාට ඔයාගේ device එකේ partition වල erro ගැන scan කරන්න ඕනි නම් GUI හරහා ඔයාට ඒක මේ විදියට කරන්න පුලුවන්.
1. මුලින්ම Windows + E press කරලා Windows Explorer open කර ගන්න.
2. ඔයාට scan කරන්න ඕනි drive එකේ right click කරලා Properties වලට යන්න.
3. ඊලගට Tools tab එකට ගිහින් Check click කරන්න.

4. ඊලගට Scan drive press කරලා පෙන්නන erro fix කරන්න screen instruction කරන්න.
(CHKDSK එකෙන් මොනවා හරි errors detect කර ගත්තොත් අනිවාර්‍යෙන්ම SFC run කරන්න අමතක කරන්න එපා.)
දැන් අපි බලමු Troubleshooter run කරන්නේ කොහොමද කියලා
ඔයාගේ Windows වල Update අව්ලක් හරි Internet වලට Connect කරන්න හරි අව්ලක් තියෙනවා නම්, ඔයාට වැදගත් වෙන දෙයක් තමයි Troubleshooter කියලා කියන්නේ. දැන් අපි බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා.
1. මුලින්ම ඔයා Windows + I press කරලා settings වලට යන්න.
2. ඊලගට Update and Security > Troubleshoot > Additional troubleshooters වලට යන්න.

3. දැන් ඔයාගේ error එකට ගැලපෙන troubleshooter එක run කරන්න.
Third-Party Software
අපි කලින් කතා කරපු දේවල් වලින් ඔයාගේ corrupt files recover කර ගන්න බැරි නම් ඊලට ඔයාට යන්න තියෙන option එක තමයි Third-Party Software කියලා කියන්නේ.
Third-Party Software වලින් FixWin 10, Restoro, Windows Repair, Windows Repair Toolbox, Recoverit, CCleaner වගේ ඒවා හොදයි කියලා දැනට ලෝකේ පිලිගෙන තියෙනවා. ඉතිං ඔයත් Third-Party Software වලින් ඔයාගේ corrupt files recover කර ගන්න කැමැති නම් මේවා try කරලා බලන්න.
System Restore / System Image Recovery
දැන් අපි බලමු system restore point වල සහ system image වල corruption issue recover කරන්නේ කොහොමද කියලා.
මේකෙදී ඔයා මතක තියා ගන්න ඕනි දෙයක් තමයි system restore වලදී ඔයාගේ system files & programs reset වෙන එක විතරයි වෙන්නේ. ඔයාගේ personal files වලට මුකුත් හානියක් වෙන්නේ නෑ.
හැබැයි system image recovery වලදී නම් ඔයාගේ system files, programs සහ personal files reset වෙනවා.
දැන් අපි බලමු system restore or system image recovery කරන්නේ කොහොමද කියලා.
1. මුලින්ම Windows + I press කරලා settings වලට යන්න.
2. ඊලගට Update and Security > Recovery වලට යන්න.
3. Advanced Startup යටතේ Restart now click කරන්න.
4. winRE වල System Restore click කරන්න.

5. දැන් සුදුසු Restore point එක select කරලා, on-screen instructions follow කරන්න.

6. Alternative method එකක් විදියට System Image Recovery select කරන්න. ඊට පස්සේ on-screen instructions follow කරන්න.

Startup Repair / Repair PC
Corrupt Windows Files නිසා booting issues එන්න පුලුවන් කියලා ඔයාලා දන්නවනේ. ඉතිං ඒ වගේ වෙලාවට ඔයාට කරන්න පුලුවන් තව දෙයක් තමයි startup repair tools use කරන එක.
Startup repair tools use කරලා booting issues recover කර ගන්න විදිය දැන් අපි බලමු.
1. Shift Key එක press කරලා ඔයාගේ PC එක restart කරන්න. එහෙම නැත්නම් එක දිගට තුන් සැරයක් ඔයාගේ PC එක reboot කරන්න. එතකොට ඔයාට winRE වලට access වෙන්න පුලුවන්.
2. winRE වලින් Troubleshoot > Advanced Options > Startup Repair වලට යන්න.

3. ඊලගට ඔයාගේ account එකට log වෙලා, startup repair tool එකෙන් process එක repair වෙනක් ඉන්න.
හැබැයි ඔයාගේ system files ගොඩක් corrupt වෙලා තියෙනවා නම්, ඔයාට boot වෙන වෙලාවේ startup repair tool වලට access කරන්න බැහැ. ඉතිං ඒ වගේ වෙලාවක ඔයාට කරන්න තියෙන්නේ Windows Installation Disk/Drive or Recovery Disk/Drive වගේ එකක් use කරලා system එක boot කරලා repair tool වලට access වෙන එක.

ඔයාගේ PC එක Reset කරමු
අපි කලින් කතා කරමු එක solution එකක්වත් හරි ගියේ නැත්නම්, ඊලගට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ PC එක Reset කරන එක. ඔයා Windows 10/11 use කරනවා නම් ඔයාගේ personal files එක්කම Reset කරන්න පුලුවන්.

දැන් අපි මේක කරන් විදිය බලමු.
1. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ Windows + I press කරලා Settings වලට යන්න.
2. ඊලගට Update and Security > Recovery වලට යන්න. දැන් Reset PC or Get Started click කරන්න.
3. ඊලගට screen instructions follow කරලා Reset press කරන්න.
දැන් අපි බලමු System Files Corrupt වෙන එක prevent කර ගන්නේ කොහොමද කියලා?
1. Regularly ඔයාගේ important files backup කරන්න. (Both system and personal)
2. නිතරම ඔයාගේ system එක update කරලා තියන්න.
3. ඒ වගේම antivirus software එකක් use කරලා malware තියෙනවද කියලා scan කරලා බලන්න.
4. CHKDSK, SFC වගේ scan run නිතරම කරන්න.
5. Software issues වලට අමතරව සමහර වෙලාවට abrupt shutdowns, power outages, surges වගේ hardware issues නිසාත් ඔයාගේ hard drive එක damage වෙලා system files Corrupt වෙන්න පුලුවන්.
ඉතිං ඒ වගේ issues වලින් protect වෙන්න නම්, ඔයාට UPS එකක් use කරන්න පුලුවන්. ඊට අමතරව ඔයාගේ device එක හරියට shutting down කරන්නත් අමතක කරන්න එපා.
ඉතිං දැන් ඔයාලට Corrupt වෙච්ච Windows Files Fix කරන විදිය ගැන හොද idea එකක් එන්න ඇති. ඊග article එකෙන් තවත් අලුත් දෙයක් එක්ක හම්බුවෙමු.