මුලින්ම අපි බලමු MAC (Media Access Control) address කියන්නේ මොකක්ද කියලා?
Network එකක තියෙන devices, network එක ඇතුලේ වෙන වෙනම identify කර ගන්න MAC address එක help වෙනවා කිව්වොත් හරියටම හරි. මේක නිකන් හරියට අපේ ID එක වගේ. Network connect කරන්න පුලුවන් හැම device එකකටම අනිවාර්‍යෙන්ම MAC address එකක් තියෙනවා. ඒ වගේම තමයි MAC address එකට physical address කියලත් කියනවා. ඔයාලට මතක ඇතිනේ අපි ISO Model එක ගැන කලින් article එකක අපි කතා කරා. (ඒ article එක කියෙව්වේ නැත්නම් මේ link එකට ගිහින් ISO Model එක ගැන දැන ගන්න – Networking Article 05).
ISO Model එකේ Data link layer එකට තමයි MAC address එක වැදගත් වෙන්නේ. ඔයාගේ laptop එකේ computer එකේ MAC address එක මොකක්ද කියලා බලා ගන්න ඕනි නම් ඔයා ipconfig/all කියලා type කරලා බලන්න.
MAC address එකේ මුල් කොටස් තුනෙන් කියවෙන්නේ අදාලා නිශ්පාදකයාගේ කේතය. අවසාන කොටස් තුනෙන් කියවෙන්නේ උපාංගයේ කේතය කිව්වොත් හරියටම හරි.
දැන් අපි බලමු IP Address කියන්නේ මොනවද කියලා?
Logical address එහෙම නැත්නම්, IP address එකක් කියලා කියන්නේ, laptops, computers, phones, printers වගේ, network එකට connect වෙලා ඉන්න device එකක්, තවත් network වෙච්ච device එකක් එක්ක communicate use address එකක් කිව්වොත් හරියටම හරි.
ඔන්න දැන් ඔයාලා පටලවගන්න එපා, MAC address එකයි IP address එකයි. MAC address එක, device එකක් network එකට connect උනත් නැතත් අනිවාර්‍යෙන්ම device එකට හම්බුවෙනවා. IP address එක device වලට හම්බුවෙන්නේ network එකට connect උනාම විතරයි.
IP address mainly types දෙකකට බෙදෙනවා.
- Dynamic IP address (ගතික IP ලිපින)
- Statis IP address (ස්ථිතික IP ලිපින)
දැන් අපි මේවා ගැන වෙන වෙනම බලමු.
Dynamic IP address (ගතික IP ලිපින)
අපේ device එකක් network එකට connect උනාම ISP (Internet service provider) අපේ device එකට දෙන තාවකාලික IP Address එකට තමයි Dynamic IP address කියලා කියන්නේ. අපි device එකේ data off කරලා on කරාම මේ IP Address එක change වෙනවා.
Statis IP address (ස්ථිතික IP ලිපින)
Device එකේ data off කරලා on කරාම change වෙන්නේ නැති IP address වලට Statis IP address කියලා කියනවා. මේ වගේ IP address ගොඩක් වෙලාවට හම්බුවෙන්නේ web server, mail server, FTP server වගේ server computers වලට කිව්වොත් හරියටම හරි.
දැන් අපි බලමු IPV4 & IPV6 කියන්නේ මොනවද කියලා?
IPV4 වල bits 32 ක් තියෙනවා (byte නම් 4 යි). මේ bit 32 කොටස් 4 කට බෙදලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ කොටස් 4 තනි තිත් 3 කින් වෙන් වෙනවා.
IPV6 වල bits 128 ක් තියෙනවා (byte නම් 16 යි). මේ bit 128 කොටස් 16 කට බෙදලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ කොටස් 16 colon 15 කින් වෙන් වෙනවා.
Class of addressing (පන්ති පූර්ණ ලිපිකරණය)
Class of addressing එහෙම නැත්නම්, පන්ති පූර්ණ ලිපිකරණය මේක අදාල වෙනේ IPV4 වලට කිව්වොත් හරියටම හරි. Class of addressing වලට අනුව IPV4, A.B.C.D.E කියලා Class 5 කට බෙදෙනවා. දැන් අපි ඒ මොනවද කියලා බලමු.
දැන් අපි බලමු Subnet masks කියන්නේ මොකක්ද කියලා?
Subnet masks ගැන කතා කරන්න කලින් ඔයා දැන ගන්න ඕනි උප ජාල ගැන. උප ජාල කියලා කියන්නේ හරියට නිකන් company එකක sub branchers වගේ කිව්වොත් හරියටම හරි. ඒක හරියට නිකන් ජාල කිහිපයක් ප්‍රදාන ජාලයක් යටතේ maintain කරන් යනවා වගේ වැඩක්. මේක නිසා network එකේ තදබදය අඩු වෙනවා. ඒ වගේම network එකේ security එකත් වැඩි වෙනවා.
ඔයාලා දන්නවනේ Class of addressing වලට අනුව IPV4, A.B.C.D.E කියලා Class 5 කට බෙදෙනවා කියලා. ඉතිං මේ විදියට network වලට බෙදුවම ඒ network එකට connect කරන්න පුලුවන් host (computers) ගාන calculate කර ගන්න Subnet marks එක වැදගත් වෙනවා.
Subnet masks එක හැදිලා තියෙන්නේ විදිය දැන් අපි බලමු.
Networking වල maths part එක ගැන දැන් අපි බලමු.
Q. Network එකක IP Address එක 192.168.100.0 කියලා හිතන්න. මේ Network එකට උප ජාල (Sub net) 4 ක් ඕනිලු.
- ඉහත ජාලය අයත් වෙන ජාල පන්තිය (Class of addressing) නම් කරන්න.
හරි. දැන් අපි මේක හොයා ගන්න විදිය බලමු. ඔයාලට තේරෙනවනේ මේ IP Address (192.168.100.0) එකේ අන්තිම bits 8 විතරක් 00000000 විදියට තෙයෙන්නේ කියලා. ඒ වගේම තමයි උප ජාල ආවරණය (sub net mask) එක 255.255.255.0 නැත්නම් IP address එක binary විදියට ලිව්වම අපට පලවෙනි bits 3 (Leading bits), බලාගන්න පුලුවන් වෙනේ 110 විදියට. ඉතිං ඒ නිසා මේ IP Address එක අයිති වෙන්නේ Class C එකට කිව්වොත් හරියටම හරි.
192.168.100.0
11000000.10101000.01100100.00000000
- ඉහත ජාලය සදහා සුදුසු උපජාල ආවරණයක් / අනුජාල ආවරණයක් යෝජනා කරන්න.
මුලින්ම ඔයාලා කරන්න ඕනි, IP address (192.168.100.0) එක binary විදියට ලියා ගන්න එක.
192.168.100.0
11000000.10101000.01100100.00000000
ඔයාලා දන්නවනේ මේ IP address එක අයිති වෙන්නේ Class C එකට කියලා. ඒ නිසා සම්මත අනුජාල ආවරණය වෙන්නේ,
11111111.11111111.11111111.00000000
255.255.255.0
ඊලග step එක විදියට ඔයාලට කරන්න තියෙන්නේ උපජාල ((Sub net)) ප්‍රමාණයට අදාල 2 ගුනාකාර ගාන හොයන එක. ඔයාලට මතකනේ මේ question එකේ මුල අපි කිව්වා උපජාල (Sub net) 4 ක් හදා ගන්න ඕනි කියලා.
උපජාල ගණන = 4 = 2n = 2
උපජාල ගණන = 22
දැන් මේකේ උපජාල ගණන 4 ක් නිසා අදාල 2 ගුනාකාරය ගන්න ලේසිනේ. බැරි වෙලාවත් Sub net 5 ක් හදන්න තිබ්බා නම්, 2 ගුනාකාර ගන්නේ කොහොමද? ඒ වගේ වෙලාවක ඔයාට කරන්න තියෙනේ 2 ගුනාකාර ගන්න පුලුවන් ආසන්න විශාල ගානට අනුව ගාන හදන එක.
උපජාල 4 යි කියන්නේ, 22
එතකොට සම්මත අනුජාල ආවරණය හදාගන්නේ මේ විදියට,
Class C එකේ සම්මත අනුජාල ආවරණය = 11111111.11111111.11111111.00000000
= 255.255.255.0
සම්මත අනුජාල ආවරණය =11111111.11111111.11111111.11000000
උපජාල 4 යි කියන්නේ, 22
22 නිසා 1 නැමති අගයන් දෙකක් විතරක් highlight වෙලා තියෙනවා ඔයාට පේනවා ඇති )
11111111.11111111.11111111.11000000
මේ example එකට අනුව Class C වලට අදාල කොටස විතරක් වෙනස් වෙලා තියෙනවා ඔයාට පේනවා ඇති. (වමේ සිට දකුණට)
දැන් ඔයාට කරන්න තියෙන්නේ binary විදියට ලියලා තියෙන සම්මත අනුජාල ආවරණය decimal විදියට convent කරන්න.
11111111.11111111.11111111.11000000
255.255.255.192/26
දැන් ඔයාලට එක පාරටම හිතා ගන්න අමාරු ඇති 192 ගත්තේ කොහොමද කියලා?
128 64 34 16 8 4 2 1
1 1 0 0 0 0 0 0
128 + 64 = 192
- එක් උපජාලයක් සදහා සම්භන්ද කල හැකි computers ගාන කීයද?
උපජාල ගණන = 4
= (256/4) -2
= 64 -2
= 62
සම්භන්ද කල හැකි computers ගාන = 62
දැන් ඔයාලා බලන්වා ඇති නේද කොහොමද, 64 -2 උනේ කියලා.
ඔයාලා මතක තියා ගන්න වැදගත් දෙයක් තමයි හැම උප ජාලයකම Network address & Broadcast address කියලා IP address දෙකක් වෙන් වෙනවා කියලා. ඉතිං ඒකට තමයි කලින් calculation එක කරනකොට, 64 -2 කියලා calculate කරේ.
දැන් අපි බලමු මේ වගේ network related calculation කරනකොට use කරන්න පුලුවන් ලේසි method එකක් ගැන.
මේ table එක මතක තියා ගත්තොත් ඔයාට networking වල maths part එක එච්චර අමාරු වෙනේ නෑ. හරි මේ table එක use අපි ගානක් හදලා බලමුකෝ.
Q. 192.168.100.0 ට අදාල සම්මත අනුජාල ආවරණය හොයන්න?
මේ IP Address එක බැලුවම ඔයාලට තේරෙනවනේ මේක Class C එකට තමයි අයිති වෙනේ කියලා. (192.186.100.0)
මුලින්ම ඔයාලා කරන්න ඕනි, IP address (192.168.100.0) එක binary විදියට ලියා ගන්න එක.
192.168.100.0
11000000.10101000.01100100.00000000
Class C එකේ සම්මත අනුජාල ආවරණය = 11111111.11111111.11111111.11000000
255.255.255.192
Q. මේ network එකේ උපජාල (Subnet) 3 ක් තියෙනවා නම්, අදාල උපජාල (Subnet) වල IP Address හොයන්න?
3 කියන්නේ 2 ගුනාකාරයක් නෙවෙයිනේ. ඔයාලට මතක ඇති අපි කලින් කතා කරා ඒ වගේ වෙලාවකදී, ඔයාට කරන්න තියෙනේ 2 ගුනාකාර ගන්න පුලුවන් ආසන්න විශාල ගානට අනුව ගාන හදන එක කියලා. එතකොට අපි ගාන හදන්න ඕනි උපජාල 4 යි කියලා.
උපජාල ගණන = 4
= (256/4) -2
= 64 -2
= 62
Network ID | Host start from | Host end to | Broadcast ID |
192.168.100.0 | 192.168.100.1 | 192.168.100.62 | 192.168.100.63 |
192.168.100.64 | 192.168.100.65 | 192.168.100.126 | 192.168.100.127 |
192.168.100.128 | 192.168.100.129 | 192.168.100.190 | 192.168.100.191 |
192.168.100.192 | 192.168.100.193 | 192.168.100.254 | 192.168.100.255 |
Q. 192.168.1.0 (උපජාල 3) මෙහි උපජාල වෙන්වන ලිපින ලැයිස්තුගත කරන්න.
Network ID | Host start from | Host end to | Broadcast ID |
192.168.1.0 | 192.168.1.1 | 192.168.1.62 | 192.168.1.63 |
192.168.1.64 | 192.168.1.65 | 192.168.1.126 | 192.168.1.127 |
192.168.1.128 | 192.168.1.129 | 192.168.1.190 | 192.168.1.191 |
192.168.1.192 | 192.168.1.193 | 192.168.1.254 | 192.168.1.255 |
Q. කිසියක් ජාලයක IP Address එක 192.168.100.0 යැයි සලකන්න. මෙම ජාල ආයතනයේ උප ජාල කිහිපයක් ඇති අතර සෑම උප ජාලයකටම IP Address 32 බැගින් සම්බන්ද කර ඇත.
- ඉහත ජාලය අයත් වෙන ජාල පන්තිය නම් කරන්න?
ඔයාලට තේරෙනවනේ මේ IP Address (192.168.100.0) එකේ අන්තිම bits 8 විතරක් 00000000 විදියට තෙයෙන්නේ කියලා. ඒ වගේම තමයි උප ජාල ආවරණය (sub net mask) එක 255.255.255.0 නැත්නම් IP address එක binary විදියට ලිව්වම අපට පලවෙනි bits 3 (Leading bits), බලාගන්න පුලුවන් වෙනේ 110 විදියට. ඉතිං ඒ නිසා මේ IP Address එක අයිති වෙන්නේ Class C එකට කිව්වොත් හරියටම හරි.
- ඉහත ජාලයට සුදුසු උපජාල වසනය කුමක්ද?
Class C එකේ සම්මත අනුජාල ආවරණය = 11111111.11111111.11111111.00000000
= 255.255.255.0
දන් මේ ගානේ කියලා තියෙනවනේ,” සෑම උප ජාලයකටම IP Address 32 බැගින් සම්බන්ද කර ඇත” කියලා. එතකොට,
32 = 25
11111111.11111111.11111111.11100000
(25 නිසා අන්තිම 00000 highlight වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති )
එතකොට උපජාල වසනය වෙන්නේ,
11111111.11111111.11111111.11100000
255.255.255.224/27
(255 කොටස් තුනක් එන්නේ 11111111 කොටස් 3 තියෙන නිසා. අන්තිම කොටසේ තියෙන්නේ 11100000 කියලා. 11100000 අයග වෙන්නේ 224.
255.255.255.224/27 අන්තිමට 27 කියලා තියෙනවා නේද? දැන් ඔයාල බලන්වා ඇති මේ 27 ආවේ කොහොමද කියලා? 27 කියන්නේ Network වලට අයිති කොටස් ගනන)
11111111.11111111.11111111.11100000
N.N.N.N.N.N.N.N. N.N.N.N.N.N.N.N N.N.N.N.N.N.N.N N.N.N.H.H.H.H
1 = N =27 ඒ නිසා,
255.255.255.224/27 වෙනවා.
- උපජාල ප්‍රමාණය ගණනය කරන්න.
11111111.11111111.11111111.11100000
මේකේ අවසාන කොටසේ 11100000 විදියට සදහන් වෙලා තියෙනවා. 111 ක් නිසා උපජාල ගණන,
23 =8
- එක් එක් උපජාලය සදහා වෙන් වන IP ලිපින පෙන්වන්න.
Network ID | Host start from | Host end from | Broadcast ID |
192.168.100.0 | 192.168.100.1 | 192.168.100.30 | 192.168.100.31 |
192.168.100.32 | 192.168.100.33 | 192.168.100.62 | 192.168.100.63 |
192.168.100.64 | 192.168.100.65 | 192.168.100.94 | 192.168.100.95 |
192.168.100.96 | 192.168.100.97 | 192.168.100.126 | 192.168.100.127 |
192.168.100.128 | 192.168.100.129 | 192.168.100.153 | 192.168.100.154 |
192.168.100.160 | 192.168.100.161 | 192.168.100.190 | 192.168.100.191 |
192.168.100.192 | 192.168.100.193 | 192.168.100.222 | 192.168.100.223 |
192.168.100.224 | 192.168.100.225 | 192.168.100.224 | 192.168.100.255 |
Q. 172.17.25.91, 255.255.255.240 ආකාරයට ඇති IP Address එක අයත් වෙන උපජාලයේ පලමු වලංගු සත්කාරක (Host) IP Address එක කුමක්ද?
255.255.255.240
256 – 240
16 (උප ජාල ගණන)
16 = 24
Network ID | Host start from | Host end from | Broadcast ID |
172.17.25.0 | 172.17.25.0 | 172.17.25.14 | 172.17.25.15 |
172.17.25.16 | 172.17.25.17 | 172.17.25.30 | 172.17.25.31 |
172.17.25.32 | 172.17.25.33 | 172.17.25.46 | 172.17.25.47 |
172.17.25.48 | 172.17.25.49 | 172.17.25.62 | 172.17.25.63 |
172.17.25.64 | 172.17.25.65 | 172.17.25.78 | 172.17.25.79 |
172.17.25.80 | 172.17.25.81 | 172.17.25.94 | 172.17.25.95 |
වලංගු සත්කාරක (Host) IP Address එක වෙන්නේ = 172.17.25.81
Q. කිසියම් ජාලයක භාවිත 172.26.0.0/21 ලෙස යෙදී ඇති IP Address එක අනුව කොපමණ උපජාල ප්‍රමාණයක් නිමවිය හැකිද? එක් එක් උපජාලයට සත්කාරක පරිගනක (Host computers) කීයක් සම්බන්ද කල හැකිද?
172.26.0.0/21 ( N – 21 ක් තියෙනවා කියලා ඔයාලා දැක්කනේ.)
1.1.1.1.1.1.1.1. 1.1.1.1.1.1.1.1. 1.1.1.1.1.0.0.0 0.0.0.0.0.0.0.0 (1 ඒවා 21 ක් තියෙනවා. ඒ කියන්නේ Network bits 21 කියලා)
1.1.1.1.1.1.1.1. 1.1.1.1.1.1.1.1. 1.1.1.1.1.0.0.0 0.0.0.0.0.0.0.0 ( 3 වෙනි කොටසේ අගය 1.1.1.1.1.0.0.0 = 248 )
1.1.1.1.1.0.0.0 හි 1 ඒවා 5 ක් තියෙනවා.
25 = 32
උපජාල ගණන = 32
සත්කාරක පරිගණක ගනන (Host computers) = 1.1.1.1.1.1.1.1. 1.1.1.1.1.1.1.1. 1.1.1.1.1.0.0.0 0.0.0.0.0.0.0.0
(මේකේ 1 ඒවා 21 ක් තියෙනවා. 0 ඒවා 11 ක් තියෙනවා. 1 ඒවා කියන්නේ Network, 0 ඒවා කියන්නේ host computers. එතකොට 0 ඒවා 11 ක් තියෙනවනේ.)
Host computers = 211
= 2048 – 2
= 2046
Networking වල maths වලට අපට කතා කරන්න තියෙන්නේ මේ දේවල්. මේ වගේ Networking වලට related maths parts ගැන තවත් ඔයාට examples ඕනි නම් comment එකක් දාන්න. එහෙනම් ඊලග article එකෙන් තවත් වැදගත් topic එකකින් හම්බුවෙමු.
Networking ඊලග Article එකට යන්න