Networking

මොකක්ද මේ Captive Portal කියලා කියන්නේ?

Airports, clinics, hotels, restaurants, shopping malls වගේ public තැන් වල ගොඩක් වෙලාවට free Internet access තියෙනවා කියලා ඔයා දැකලා තියෙනවද?

මේ වගේ public places වල තියෙන Internet වලට access උනාට අව්ලක් නැද්ද? අපේ security එකට මේකෙන් බලපෑමක් වෙන්නේ නැද්ද?

මේ වගේ public networks වලින් අපේ security එකට බලපෑමක් නෑ කියලම කියන්න බෑ. මොකද සමහර අවස්ථා වල public places වල තියෙන networks නිසා illegal purposes වලට user ලා යොදා ගන්න අවස්ථාත් අපට දකින්න පුලුවන් වෙනවා.

දැන් අපි බලමු captive portal කියලා කියන්නේ මොකක්ද කියලා?

Captive Portal කියලා කියන්නේ free wireless connections දෙන්න use කරන most common method එකක් කිව්වොත් හරියටම හරි. හරි ඔයා මෙහෙම හිතන්නකෝ, ඔයා restaurant එකක කෑම කන්න යනවා. එතකොට ඔයා Free WIFI තියෙනවා දැකලා මේකේ username password ඉල්ලගෙන ඉක්මනට WIFI එකට connect වෙනවා.

මේ process එක consider කරාම ඔයාට එක පාරට හිතෙන්නේ මේකේ මුකුත් අලුත් දෙයක් නෑනේ මේක අපේ ගෙදර router එකට connect වෙනවා වගේම වැඩක්නේ කියලා. හැබැයි අපට නොපෙනුනාට මේකේ ඇතුලේ වෙන process එකක් වෙනවා. ඒ කියනේ ඔයා restaurant එකේ WIFI password ගහලා connect වෙන්න යන්කොට captive portal through ඔයාව landing page එකකට අරන් යනවා. ඊට පස්සේ තමයි ඔයාට internet access ලැබෙන්නේ.

එතකොට captive portal එකේ user authorization process එක ගැන බැලුවොත් ඒක normally networks usage agreement එකට හරි acceptable use policy එකට හරි අනුව තමයි වෙන්නේ. එහෙම නැත්නම් pre-assigned user ID and password වලටත් access ගන්න පුලුවන් වෙන්න තමයි captive portal එක design කරලා තියෙන්නේ.

දැන් ඔයාලට තේරෙනවනේ captive portal එකක් කියන්නේ හරියට company එකක organization එකක තියෙන තනි network එකක් වගේ එකක්. Free WIFI තියෙන තැන් වල user authorization process එක මේ විදියට ගොඩක් secure කරලා තියෙන්නේ businesses security එක පවත්වා ගන්න ඕනි නිසා කිව්වොත් හරියටම හරි.

Captive portal login කියන්නේ මොකක්ද?

ඔයාලා දැන් දන්නවනේ Free Wi-Fi network එකකට connect වෙන්න try කරන්කොට මුලින්ම captive-portal එකට යන්න ඕනි කියලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ user’s log-in information දෙන්න. මේවා දුන්නට පස්සේ ඔයා authorized user කෙනෙක් නම් ඔයාට Free Wi-Fi access ගන්න පුලුවන් වෙනවා.

සරල example එකක් කිව්වොත් ඔයා හිතන්නෙකෝ hotel එකකට අලුතින් ආපු guests කෙනෙක් එයා hotel එකේ ඉන්න කාලෙට Wi-Fi use කරන්න user’s log-in information දීලා captive-portal එකට login වෙනවා. ඔයා දීපු user’s log-in information හරි නම් දැන් ඔයාට free internet ගන්න පුලුවන් වෙනවා.

Captive portal used කරන්නේ මොකටද?

Captive portal නිසා airports, clinics, hotels, restaurants, shopping malls වගේ company, organizations වලට එයාලගේ products promote කරන්න පුලුවන් වෙලා තියෙනවා.

මීට අමතරව captive portal නිසා airports, clinics, hotels, restaurants, shopping malls වගේ public WIFI use වෙන තැන් වල network security එක සහ bandwidth management එකත් වැඩි හොද user experience එකක් ගන්න user ලට දෙන්න පුලුවන් වෙනවා.

දැන් අපි බලමු captive portal එකක් set up කර ගන්නේ කොහොමද කියලා

  1. මුලින්ම ඔයාගේ firmware up-to-date ද බලන්න.
  2. දැන් network’s access point එක හදන්න web-based setup page එකට log වෙන්න.
  3. ඊලගට ඔයාගේ network එකේ  captive portal enable කරන්න. ඒකට network’s access point එකේ setup menu එකට ගිහින් captive portal හරි global configuration එක හරි හොයාගෙන enable option එක click කරන්න. බැරි වෙලාවත් ඔයාට captive portal feature එක හොයා ගන්න බැරි නම් ඔයාට access point model එක upgrade කරන්න වෙනවා.
  4. දැන් captive portal settings හදන්න. මේකෙදී ඔයාට portal එකට name එකක් දෙන්න පුලුවන් වගේම ඔයාගේ portal එක password දාලා protect කරන්නත් පුලුවන්. ඒ වගේම user කෙනෙක් public WIFI use කරන්න හදනකොට web page එක captive portal එකට redirect වෙන්නත් හදන්න පුලුවන්.
  5. දැන් customers ලා ඔයාගේ Wi-Fi network එකට connect උනාම view වෙන්න ඕනි විදිය customize කරන්න. ඒ වගේම ඔයාගේ Wi-Fi network එකට access දෙන විදියත් decide කරන්න.
  6. දැන් ඔයාගේ captive portal එක wireless radio band එක එක්ක customers’ bandwidth එකට access වෙන්න පුලුවන් විදියට හදන්න. ඒ වගේම SSID profile එකත් guest ලට allow කරන්න.
  7. දැන් Wi-Fi enabled device එකක් use කරලා captive portal එක test කරන්න.

දැන් අපි බලමු captive portal එක marketing tool එකක් විදියට use කරන්නේ කොහොමද කියලා සහ captive portal එකේ benefits මොනවද කියලා.

Company side එකෙන් ගත්තොත් captive portal නිසා ඔයාට ඔයාගේ company එක organization එක promote කර ගන්න පුලුවන් වෙනවා. ඔයාට මතක ඇතිනේ අපි කලින් කතා උනා user කෙනෙක් Free WIFI වලට access වෙනකොට captive portal through landing page එකකට අරන් යනවා.

මේ page එකේදී අදාල company එකට organization එකට එයාලගේ products ගැන advertisements දාන්න පුලුවන් වෙනවා.

ඒ වගේම මේ landing page එක through ඔයාගේ company එකට organization එකට අදාල feedbacks ගන්නත් පුලුවන් වෙනවා.

Captive portal ගැන ඔයාට මේ දේවල් තමයි කියන්න තියෙන්නේ. ඉතිං ඔයාටත් captive portal ගැන experience තියෙනවා නම් ඒවා comments section එකේ share කරන්න අමතක කරන්න එපා.

What's your reaction?

Excited
6
Happy
11
In Love
5
Not Sure
0
Silly
0

Leave a reply

Your email address will not be published. Required fields are marked *

More in:Networking

Next Article:

0 %
Open chat
1
Hello 👋,
Cyber Godzilla Waiting For you !!

හෙල්ප් එකක් ඕනෙද ?