Kali LinuxProgramming

කොහොමද Kali Linux වල pip3 install කරන්නේ?

pip කියන්නේ Python coding language සඳහා භාවිතා කරන package manager එකක්. අපිට එය Linux පද්ධතීන් වල install කළ හැකි අතර ඒ සඳහා Python packages සහ ඒවායේ අවශ්‍යතා download සහ install කිරීමේ process එක සඳහා command line භාවිතා කරන්න සිදු වෙනවා.

Python කියන්නේ ඉතා ජනප්‍රිය වැඩසටහන්කරණ භාෂාවක් බව අපි හැමෝම දන්නවා. Linux වල Hacking scripts සඳහා යොදාගන්නා අතර එහිදී Python hacking programs වල dependencies සඳහා අපි මේ කතා කරන pip install කරගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.

වෙනත් අයගේ Python වැඩසටහන් ක්‍රියාත්මක කරවන්න,ඒ කියන්නේ execute කරන්න අපේම Python scripts develop කිරීමේදී pip තිබෙන එක ඉතා වටිනවා. මොකද කිව්වොත් අපේ system එකේ pip තිබීම නිසා dependencies packages අමුතු පරිශ්‍රමයකින් තොරවම install කරගන්න පුළුවන් වෙනවා.

අපි මේ පාඩමේදී ඔයාලට පෙන්නන්න හදන්නේ කොහොමද Kali Linux වල Python 3 අනුවාදනය සඳහා pip install කරන්නේ කියලා. අපි මෙහිදී software packages install කිරීම සහ ඉවත් කිරීම වගේ සරල, ඒ වගේම මූලික කටයුතු වලට අවශ්‍ය pip commands ගැනයි පැහැදිලි කරන්නේ. Kali Package manager එකේ ආකාරයටම pip හි කාර්යන් සිදුවෙන නිසා එය ඔබට වඩාත් හුරුපුරුදු ඇති කියලා අපි හිතනවා.

Kali වල pip install කිරීම

Kali Linux pip වල install කරගන්න terminal එක open කර පහත සඳහන් commands ලබාදෙන්න ඕන.

$ sudo apt update  

$ sudo apt install python3-pip

pip සඳහා සාමාන්‍ය භාවිතයේ ඇති විධාන

pip package manager භාවිතා කිරීම සඳහා අපිට terminal එකේදී pip3 commands යොදාගන්න පුළුවන්. පහතින් දැක්වෙන්නේ එසේ යොදාගත හැකි pip3 command list එකයි.

pip හි version එක බලාගැනීමට සහ එය අපගේ පරිගණකයේ install කර තිබේද, නැද්ද යන්න තහවුරු කරගන්න මේ command එක යොදාගන්නවා.

$ pip3 -v

Package එකක් install කරන්න මෙම command එක භාවිතා කළ හැකියි.

$ pip3 install package-name

Package එක ඉවත් කිරීමට මෙම command එක යොදාගන්න පුළුවන්.

$ pip3 uninstall package-name

පහත command එකෙන් අපිට පුළුවන් system එකේ install කර තිබෙන්නේ කුමන package එකද කියලා දැනගන්න.

$ pip3 list

දැනට install කර තිබෙන package එකට අදාළව විස්තර ලබාගැනීමට පහත command එක යොදාගන්න පුළුවන්.

$ pip3 show package-name

Help menu එකට පිවිසීමට සහ දැනට තිබෙන සම්පූර්ණ pip commands ලැයිස්තුව දැනගැනීමට මෙම command එක භාවිතා කරන්න ඔබට පුළුවන්.

$ pip3 help

ඉතින් මේ commands තමයි අපිට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ. මීට අමතරව වෙනත් commands දැනගැනීමට සහ මෙම commands හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තන් ඔබට help menu එකට පිවිසිලා වැඩි විස්තර ලබාගන්නත් පුළුවන්.

What's your reaction?

Excited
3
Happy
6
In Love
2
Not Sure
1
Silly
1

Leave a reply

Your email address will not be published. Required fields are marked *

More in:Kali Linux

Next Article:

0 %
Open chat
1
Hello 👋,
Cyber Godzilla Waiting For you !!

හෙල්ප් එකක් ඕනෙද ?