මේ පාඩමේදී අපි කතා කරන්න හදන්නේ Kali Linux වල කොහොමද screenshot ගන්නේ කියලා. Kali Linux.වල screenshots ගන්න පුළුවන් විවිධ utility වැඩසටහන් තියෙනවා. ඉතින් මේ පාඩම අවසන් වෙනකොට ඔයාලට ඒ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
මෙම පාඩමේදී අපි මූලික වශයෙන් පහත සඳහන් දේවල් ටික ඉගෙන ගන්නයි යන්නේ.
- Kali වල utility වලින් screenshot එකක් ගන්නේ කොහොමද?
- Kazam යොදාගෙන screenshot සහ screencast කරන්නේ කොහොමද?
- Screenshot සහ Annotation සඳහා Flameshot භාවිතා කරන්නේ කොහොමද?
- Screenshot එකක් ගන්න අවශ්‍ය වෙන කෙටිමං යතුරු මොනවද?

Kali Linux හි තිබෙන screenshot utility වැඩසටහන්
අපි Kali Linux download කරගෙන install කරගත්තට පස්සේ තෝරාගැනීමට හැකි desktop පසුබිම් රැසක් තියෙනවා. ඒ අතරින් මූලිකම GUI එක තමයි XFCE කියලා හඳුන්වන්නේ. ඒ වගේම KDE සහ GNOME කියන ආකාර දෙකත් තෝරාගන්න පුළුවන්. මෙම සෑම විශේෂ desktop පසුබිමකම screenshot utility වැඩසටහනක් අන්තර්ගත වෙලයි තියෙන්නේ. ඒ නිසා අපි භාවිතා කරන GUI එකට අදාළව ඒ තිබෙන එක භාවිතා කරන්න පුළුවන්.
මේ ඔක්කොම එක වගේ වුණාට වැඩකරන කොට විවිධාකාර ගන්නවා. උදාහරණයක් විදියට කිව්වොත් XFCE හි තිබෙන PrtSc බොත්තම එබූ විට කුඩා window එකක් open වෙලා අපිට capture කරගන්න ඕන image එක ගන්න අවශ්‍ය විවිධ options ලබාදෙනවා.

ඒ වගේම අපි GNOME හි PrtSc බොත්තම යෙදූ විට අපේ පරිගණක තිරයේ flash එළියක් පත්තු වෙලා කැමරාවක sutter ශබ්දය වගේ හඬක් නිකුත් වෙනවා. නමුත් කිසිම විශේෂ දෙයක් සිදුවන්නේ නැහැ. එම ලබාගත් screenshot එක අපිට home directory එකේ Pictures කියන folder එකෙන් ලබාගන්න පුළුවන්.

අපි හැම GUI එකක් ගැනම කතා නොකළත් පොදුවේ දැනගන්න ඕන දෙයක් තමයි අදාළ utility වැඩසටහනේ තිබෙන PrtSc එබීම මඟින් අවශ්‍ය දේ කරගන්න පුළුවන් කියන එක. අපිට කිසියම් තෝරාගත් window එකක් capture කරගන්න අවශ්‍ය නම් එම අවශ්‍ය window එක ඉදිරියට ගෙනත් Alt සමඟ PrtSc එකවර press කරන්න වෙනවා.
ඔබට පහසුවෙන් මෙම screenshot utility වැඩසටහන් අපගේ GUI application launcher එකෙන් විවෘත කරගන්න හැකියාව තිබෙනවා.

මේ තිබෙන tools වලින් අපිට capture කරගන්න අවශ්‍ය කොටස තෝරාගැනීමටත් image එකේ mouse pointer එක අවශ්‍ය නම් පෙන්වීමටත් අවශ්‍ය නැතිනම් එය නොපෙන්වා තබාගැනීමටත් හැකියාව තියෙනවා. ඉත්න් මේ වගේ tools සමහර ඒවා ඉතා හොඳ powerful ඒවා වගේම විවිධ උපලක්ෂණ වලින්ද සමන්විත වෙනවා.

Kazam
Kazam කියන්නෙත් Kali Linux සමඟම ලැබෙන screenshots ගැනීමට යොදාගත හැකි තවත් ආදේශකයකි. නමුත් එය පරිගණකය තුළ install වෙලා නැතිනම් එය update කරගැනීමට හෝ නිසිලෙස install කරගැනීමට පහත commands යොදාගන්න වෙනවා.
$ sudo apt update
$ sudo apt install Kazam
ඉතින් මෙය හරියට install කරගත්තට පස්සේ අපිට අපේ GUI යෙදවුම්හි launcher මඟින් විවෘත කරගන්න පුළුවන්. මෙහි තිබෙන විශේෂිතම දේ තමයි අපගේ පරිගණක තිරය record කරගැනීමට හැකිවීම. අපිට screenshot එකක් ගන්න අවශ්‍ය නම් “screenshot” යන්න තෝරන්න ඕන වගේම screen එක record කරගන්න අවශ්‍ය නම් “screencast” යන්න තෝරාගත යුතු වෙනවා.

Flameshot
අපි ඉහත කතා කරපු utility වැඩසටහන් කිහිපය තරමක් සරල කුඩා ප්‍රමාණයේ ඒවා. Flameshot කියන මේ වැඩසටහන ඊට වඩා තරමක් ඉදිරියෙන් ඉන්නවා. ඒ මොකද මෙහි ලබාගන්න screenshots වල අවශ්‍ය නම් අපිට arrows සහිතව ලබාගන්න මෙන්ම වෙනත් විශේෂිත features ද අඩංගු වෙනවා.
$ sudo apt update
$ sudo apt install flameshot
මෙය install කළ පසුව application launcher එකෙන් විවෘත කරගන්න පුළුවන්. ඒ වගේම එය පහත command එක භාවිතා කරලා terminal එකෙන් open කරගන්නත් පුළුවන්.
$ flameshot gui
Flameshot විවෘත වුනාට පස්සේ තිරයේ දැක්වෙන උපදෙස් පිළිපදින්න. අපිට mouse එක තිරය පුරා එහා මෙහා ගෙන යමින් capture කරගන්න අවශ්‍ය කොටස resize කරගන්න පුළුවන්. ඒ වගේම අපිට Flameshot interface එක අවශ්‍ය පරිදි configuration menu එකෙන් හැඩගස්වා ගන්නත් හැකියාව තිබෙනවා.
$ flameshot config

ඒ වගේම Flameshot හි විවිධ command line ආකාරද රැසක් අඩංගු වෙනවා. ඒවා බලාගන්න ඔබට පහත command එක යොදා man page එකට පිවිසෙන්න පුළුවන්.
$ man flameshot
Kali Linux වල screenshots ගැනීමට යොදාගන්න shortcut keys
Print Screen | Screenshot ගැනීමට භාවිතා කරයි. |
Alt + Print Screen | Window එකක screenshot ගැනීමට මෙය යොදාගනී. |
Ctrl + Print Screen | Clipboard එකට screenshot එකක් ලබාගැනීමට මෙය භාවිතා කරයි. |
Ctrl + Alt + Print Screen | Window එකක screenshot එකක් clipboard එකට ලබාගැනීමට මෙය භාවිතා කරයි. |
Ctrl + Shift + Print Screen | Screen එකේ තෝරාගත් කොටසක screenshot එකක් clipboard එකට ලබාගැනීමට මෙය භාවිතා කරයි. |
Shift + Ctrl + Alt + R | Screencast එකක් ලෙස record කිරීම පහසුකම මින් ලබාගත හැකිය. |