Cyber Security

Metadata Analysis and Exif Data Analysis ගැන ඔයා දන්නේ මොනවද?

අද article එකෙන් අපි Metadata Analysis and Exif Data Analysis ගැන කතා කරමු. මේක ගැන discuses කරන්න කලින් මේ link එකට ගිහින් resources files ටික download කරන් එන්න. එතකොට ඔයාට මේ වැඩේ ලෙසියෙන්ම කරන් යන්න පුලුවන්.

Link – https://drive.google.com/drive/folders/1BmLUJhO84lcvX-M6U0_GkjRZ-bKIhCC-?usp=share_link

හරි. මුලින්ම අපි Metadata ගැන කතා කරමු. Normally Metadata කියලා කියන්නේ මොකක් හරි data එකක් ගැන අපට ගන්න පුලුවන් data කිව්වොත් හරියටම හරි.

එහෙම කිව්වට තේරුනේ නෑ නේද? Example එකක් විදියට ඔයා හිතන්නකෝ ඔයාට important වෙන data දාලා තියෙන word file එකක් තියෙනවා කියලා. එතකොට මේ word file එක හදපු දවස, වෙලාව, file name එක, modify කරපු data එක වගේ data වලට අපි meta data කියලා කියනවා.

Meta data intellectual property එකක් විදියටත් අපට මේ වෙනකොට ගන්න පුලුවන්. මොකද metadata analysis කරලා අපට file එකේ original user කව්ද කියලා අදුර ගන්නත් පුලුවන් කියලා ඔයාලට දැන් තේරෙනවනේ.

Meta data අපට normally file එකේ right click කරලා show more options > properties වලට ගිහින් බලා ගන්න පුලුවන්. මේ තියෙන්නේ ඒ විදියට ගත්ත PDF එකක Mete data.

EXIF Data කියලා කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරමු ඒ ගැන.

EXID Data (Exchangeable image file format) කියලා කියන්නේ digital camera එකකින් ගත්ත image එකක, video එකක, sound recoding එකක තියෙන meta data store වෙලා තියෙන file එකක් කිව්වොත් හරියටම හරි.

EXIF Data file එක normally එක standard එකකට තමයි යන්නේ. ඒ කියන්නේ හැම digital camera එකේම අපට EXIF Data analysis කරලා මේ දේවල් බලා ගන්න පුලුවන් වෙනවා.

  • Camera settings: camera model and make, and information that varies with each image such as orientation (rotation), aperture, shutter speed, focal length, metering mode, and ISO speed information.
  • Image metrics: Pixel dimensions, resolution, colorspace, and filesize
  • Date and time information
  • Location information (Geo Location – Latitude and Longitude)
  • A thumbnail for previewing the picture on the camera’s LCD screen, in file managers, or in photo manipulation software.
  • Descriptions
  • Copyright information

දැන් අපි EXIF Data ගන්න විදිය practically බලමු.

මුලින්ම ඔයාලට දීපු recourse files වල තියෙන ExifRead.exe කියන tool download කරලා run as a administrator විදියට open කරන්න. එතකොට ඔයාට මේ වගේ interface එකක් බලා ගන්න පුලුවන් වෙයි.

දැන් අපි IMG_3644.jpg කියන image එකේ EXIF Data බලමු.

දැන් අපි EXIF Data use කරලා IMG_3644.jpg කියන image එකේ location එක හොයන්න try කරමු. ඒකට අපට ඕනි වෙන්නේ GPS information.

හරි ඔයාලට දැන් පේනවා නේද GPS Latitude & GPS Longitude වල DMS කියලා තියෙනවා. DMS කියලා කියන්නේ Degree minute Second කියන එක.

GPS Latitude = 6 5555. 95 [DMS]

6 කියලා කියන්නේ Degree value එක,

5555.95 කියන value එකෙන් මුලින්ම තියෙන 55 කියන value එක තමයි minute කියලා කියන්නේ. ඊට පස්සේ තියෙන 55.95 second value එකට තමයි අයිති වෙන්නේ. (Minute and second වලට තියෙන්න පුලුවන් 1 – 59 අතරේ values විතරයි)

GPS Longitude = 79 5041.7 [DMS]

79 කියලා කියන්නේ Degree value එක,

5041.7 කියන value එකෙන් මුලින්ම තියෙන 50 කියන value එක තමයි minute කියලා කියන්නේ. ඊට පස්සේ තියෙන 41.7 second value එකට තමයි අයිති වෙන්නේ. (Minute and second වලට තියෙන්න පුලුවන් 1 – 59 අතරේ values විතරයි)

දැන් ඔයාලට කරන්න තියෙන්නේ DMS values decimal විදියට convert කරන එක. ඒකට ඔයාට මේ formula එක use කරන්න පුලුවන්.

Formula : Degrees + (Min + (Sec/60)) / 60 =Lat / Long Decimal Value

මේ process එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා අපි online tool එකක් use කරලා මේ වැඩේ කරන් යමු.

https://www.fcc.gov/media/radio/dms-decimal

දැන් අපි google Map එක use කරලා හරි location එක හොයා ගම්මු. මේ වැඩේට අපි EXIF data වලින් ගත්ත තව information එකක් use කරන්න වෙනවා. ඒ GPS Latitude Ref එකයි GPS Longitude Ref එකයි.

GPS Latitude Ref = N

GPS Longitude Ref = E

Google Map එක use කරන්න කලින් ඔයා තව දෙයක් දැන ගන්න ඕනි. ඔයා දන්නවනේ ප්‍රදාන දිශා 4 ක් තියෙනවා කියලා. (North, South, East, West) ඒ දිශා ගැන තමයි කලින් image එකේ N / E කියලා දීලා තියෙන්නේ.

Google Map use කරනකොට මේ දිශා වලට අදාල reference ගැනත් අපි බලන්න ඕනි. ඒවට සම්මත reference තියෙනවා. මේ තියෙන්නේ ඒවා.

North – Positive (+)

South – Negative (-)

East – Positive (+)

West – Negative (-)

හරි දැන් අපි වැඩේ කරමු.

දැන් ඔයාට කරන්න තියෙන්නේ google map එකට ගිහින් අපි හොයා ගත්ත decimal values, අදාල reference එකත් එක්ක enter කරන්න.

ඔයාලට මතකනේ මේ image එකේ reference ආවේ මේ විදියට කියලා.

GPS Latitude Ref = N

GPS Longitude Ref = E

මේ දෙකම positive values දෙකක් ඒ නිසා අපට google Map එකේ search කරනකොට නිකන්ම 6.931931 79.844917 කියලා search කරන්න පුලුවන්. හැබැයි GPS Latitude Ref / GPS Longitude Ref south or west උනා නම් google map එකට decimal values දාන්න කලින් – ලකුන දාන්න වෙනවා.

ඒ කියන්නේ මේ විදියට,

-6.931931 -79.844917

හරි දැන් අපේ වැඩේට – use වෙන්නේ නෑ. මොකද අපේ සේරම reference positive නිසා. එතකොට අපට බලා ගන්න පුලුවන් වෙන්නේ මේ වගේ output එකක්.

හරි මේ විදියට තමයි Exif Data Analysis එක කරන්නේ. ඔයාලට දුන්න recourse file එකේ IMG_5027.jpg කියලා තව image එකක් තියෙනවා. මේකත් මේ විදියට Exif Data Analysis කරලා බලන්න. ඔයාලට ආපු output එක ගැන comment section එකේ comment කරන්න. ඊලග article එකෙන් අපි තවත් මේ වගේම අලුත් දෙයක් ගැන කතා කරමු.

What's your reaction?

Excited
21
Happy
13
In Love
27
Not Sure
0
Silly
0

1 Comment

  1. Very useful web site.

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Next Article:

0 %
Open chat
1
Hello 👋,
Cyber Godzilla Waiting For you !!

හෙල්ප් එකක් ඕනෙද ?