Ransomware කියන්නේ ලෝකේ තියෙන ගොඩක් devastating malware threat එකක්. පහු ගිය අවුරුදු වල company වලට, organization වලට වගේම, මිනිසුන්ට තමන්ගේ day to day life එකේදී එක එක වර්ගයේ ransomware attacks වලට face කරන්න සිද්ද වෙලා තියෙනවා. Ransomware attacks එකක් අපට කලින් identity කර ගන්න අමාරුයි. ඒ නිසාම මේ type එකේ attacks වලින් ඩොලර් මිලියන ගනන් වල පාඩු වෙනවා කියලා තමයි cyber security experts ලා කියන්නේ.
Ransom එකක් කියන්නේ English වලිනි නම් කප්පම් මුදලක් කියන එකනේ. Ransomware කියන්නේ එහෙම කප්පම් මුදල් ගන්න software කිව්වොත් හරියම හරි. එතකොට ඇයි මේ software අපෙන් කප්පම් ගන්නේ? අපේ data ගත්තා කියලා මෙයාලට ඇති වාසිය මොක්ද?
මේකෙදී hacker team එකක් අපේ data hack කරලා, අපට තේරුම් ගන්න බැරි විදියට ඒවා encryption කරනවා. මෙහෙම encrypt කරපු data නැවත ගන්න නම් එයලට ransom එක්ක ගෙවන්න කියලා තමයි අපට message එක එන්නේ.
මේ වගේ attack එකකට ඔයාගේ device එකට ආවොත් ඔයා උනත් බය වෙලා ඉක්මනට ransom එක pay කරන්න හදනවා. ඇත්තම ඒක තමයි ඔයා කරන ලොකුම වැරද්ද. මේ වගේ attack එකක් ආවොත් ඔයා මුලින්ම කරන්න ඕනි කලබල වෙන් නැතුව මේ attack එක ගැන හොයලා බලන එක. මේ attack එක ඔයාට විතරද ඇවිල්ලා තියෙන්නේ වෙන කාටවත් ඇවිල්ලා නැද්? Social media වල මේ වගේ attack එකක් ගැන details share වෙනවද? මේ දේවල් ගැන ඔයා අනිවාර්යයෙන් හොයන්න ඕනි.
හැබැයි තව case එකක් තියෙනවා. මේ වගේ ransomware attack එකක් ආවොත් ඔයාගෙන් ransom එක ඉල්ලන්නේ මොකක් හරි crypto currency එකකින්. මොකද නැත්නම් Master හරි visa හරි card එකකින් payment කරන්න කියලා hacker ඔයාට bank details එව්වොත් අනිවාර්යයෙන් ඒ කව්ද කියලා police ටය detect කර ගන්න එච්චර වෙලාවක් යන්නේ නෑ. ඒ වගේම තමයි මෙයාලා ඔයට ransom එක pay කරන්න දවස් 3 – 4 ක් වගේ කාලයක් දෙනවා. අපි කලිනුත් කතා කරානේ ransomware එකෙදී අපේ data ගන්නවට වඩා එයලා expect කරන්නේ අපිව බය කරලා ransom එකක් ගන්න. මොකද මේ වෙද්දී ලෝකේ ransomware side එක run වෙන්නේ මිනිසුන් මේ වගේ දෙන ransom වලින්. ඒ වගේම තවත් දෙකක් තමයි ඔයාට මේ වගේ attack එකක් ආවම hackers ලා ඔයාට message එවනවා, පැය 3 – 4 ක් ඇතුලත ඔයා මේ ransom එක pay කරනවා නම්, ඔයාගේ payment එක යම් ගානකට අඩු කර ගන්න පුලුවන් වෙනව කියලා. ඉතිං මේ නිසාම පැය 3 – 4 ඇතුලත payment එක කරොත් ඒකෙන් වෙන්නේ තවත් ransomware attacks කරන්න එයාලට support කරන එක. ඉතිං ඒ නිසා ඒ ransomware වලදී එහෙම payments කරන්න යන් එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි.
මේ වගේ attack එකක් ආවොත් ඒකෙන් protect වෙන්න කරන්න ඕනි දේවල් මොනවද?
දැන් අපි බලමු මේ වගේ attack එකක් ආවොත් ඒකෙන් protect වෙන්න කරන්න ඕනි දේවල් මොනවද කියලා.
First step එක විදියට ඔයා අනිවාර්යයෙන් ransomware එක ගැන search කරලා බලන්න ඕනි. ඊලගට ඔයාට පුලුවන් ransomware එක එක්ක පොඩ්ඩක් fight කරන්න. ඒ කිව්වේ Normally ransomware attack එකකදී hacker කරන්නේ අපේ files වල format එක වෙනස් කරන එක. ඒ කිව්වේ .txt file එකක් නම් ඒකේ extension එක .pqr වගේ open කරන්න බැරි format එකකට convert කරනවා. ඉතිං ඔයාට ransomware attack එකක් ආවම file format එක check කරලා සමහර විට ආයෙත් data recovery කර ගන්න පුලුවන් වෙයි.
ඒ විදිහට සරලව data recovery කරගන්න බැරි උනොත් ඔයාට කරන්න තියෙන්නේ ransomware recovery tool එකක් try කරලා බලන එක. මොකද ඔයාට ඇවිත් තියෙන ransomware එක මීට කලින් ගොඩක් තැන් වලට ඉන්ෆෙක්ට් උන එකක් නම් එකේ decryption code එක තියෙන recovery tool එකක් තියෙන්න පුළුවන් සම්බවිතාව 90% වගේ වෙනවා.
ඉතින් මෙතන මන් නම් කරලා තියෙන ransomware ලිස්ට් එකට අමතරව තවත් එකසිය පනකට වැඩි ransomware වල recovery tools පහල ලින්ක් වලින් download කරගන්න පුළුවන්
Recovery tools available for :
AES_NI , Alcatraz Locker , Apocalypse , AtomSilo & LockFile , Babuk , BadBlock , Bart , BigBobRoss
BTCWare , Crypt888 ,CryptoMix (Offline) ,CrySiS , EncrypTile , FindZip ,Fonix , GandCrab , Globe , HermeticRansom
HiddenTear ,Jigsaw , LambdaLocker , Legion ,NoobCrypt , Prometheus ,Stampado ,SZFLocker , TargetCompany , TeslaCrypt , Troldesh / Shade ,XData …. and more
Tool set 1 : click here
Tool set 2 : click here
ඒ වගේම කරන්න ඕනි තවත් important දෙයක් තමයි ඔයාගේ device එක network එකෙන් disconnect කරන එක. මොකද එතකොට අනෙත් device වලට attacks වෙන එකෙන් protect වෙන්න පුලුවන් වෙනවා වගේම ඔයාගේ inflect device එකේ files කොහාටවත් share කරන් නැතුව ඉන්න මතක තියා ගන්න ඕනි.
මේ steps හරි ගියේ නැත්නම් ඊලගට කරන්න තියෙන method එක තමයි OS එක reinstall කරන එක. හැබැයි ඉතිං ඔයගේ person data නම් ගන්න වෙන්නේ නෑ OS එක reinstall කරා කියලා . ඒකට විසදුමක් විදියට ඉතිං ඔයාට normal day to day වැඩ කරන්කොට ඔයාගේ person data cloud storage එකක් store කරන්න අමතක කරන්න එපා. හැබැයි ඔයා කවදාවත් ransom එක නම් pay කරන්න යන්න එපා. මොකද ඔයා ransom එක pay කරත් ඔයාගේ data මේ වෙද්දී hacker ගාව තියෙනවා. ඒ නිසා hacker ඔයාගෙන් සැරින් සැරේ ransom ඉල්ලන්න පුලුවන්.